ඩුබායිහි ICC මූලස්ථානයේ සේවකයින් කීපයකට කොරෝනා | මූලස්ථානය දින කිහිපයකට වැසෙයි

0
61

NEWSNOW  | –  කාර්ය මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකුට COVID-19 ආසාදනය වීම නිසා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ඩුබායි මූලස්ථානය, දින කිහිපයකට වසා තැබීමට තීරණය කර තිබෙනවා.

එහි සේවකයින් හට නිවසේ සිට රජකාරි කිරීමට පවසා ඇති අතර එම මූලස්ථානය සම්පූර්ණයෙන්ම විෂබීජහරණයට ලක් කිරීමට ටම් වන විට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කරනවා.

මේ අතර මේ වන විට ඩුබායිහි පැවැත්වන IPL තරඟාවලියට මෙමඟින් කිසිඳු බාධාවක් නොමැති බවයි විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්ථා කර සිටියේ.