මැදපෙරදිග පවතින නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමෙන් මෙරට පාරිභෝගිකයන්ට එල්ල වන පීඩනය අවම කිරීම සඳහා ඉදිරි මාස තුනක කාලයක් ඔටෝ ඩීසල් සහ කාර්මික ඩීසල් සඳහා සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් යන මාස සඳහා රුපියල් බිලියන 40.65ක මුදලක් වෙන් කිරීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අමාත්ය මණ්ඩල යෝජනාවට අනුමැතිය හිමිව තිබේ.
මෙම ප්රතිපාදන යටතේ ඔක්තෝබර් මාසයට රුපියල් බිලියන 15ක්, නොවැම්බර් මාසයට රුපියල් බිලියන 13.5ක් සහ දෙසැම්බර් මාසයට රුපියල් බිලියන 12.15ක් ලෙස වෙන් කෙරෙන අතර, ජාත්යන්තර මිල ගණන් ඉහළ ගියද දේශීය වෙළෙඳපොළේ ඩීසල් මිල ඉහළ නැංවීමකින් තොරව පාලනය කර ගැනීම රජයේ අරමුණයි.

