ඥානසාර හිමියන්ට සිවුරෙන්ම පෙනී සිටීමට අවස්ථාව දෙන්නැයි සංඝ සභාවෙන් ඉල්ලීමක්

0
6

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විනය පිටකයට අනුව පාරාජිකා වී ඇති භික්ෂුවක් නොවන බවත්, උන්වහන්සේගේ සිවුර ගැලවීමට තරම් බරපතළ හේතුවක් සිය සංඝ සභාව වෙත වාර්තා වී නොමැති බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාවේ අනුනායක, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් පවසයි. ශාසනික වශයෙන් විනය පරීක්ෂණයක් පවත්වා සිවුර ඉවත් කිරීම හෝ එය තබා ගැනීමට ඉඩ හැරීම සම්පූර්ණයෙන්ම අදාළ සංඝ සභාවට අයත් වගකීමක් බව උන්වහන්සේ පෙන්වා දී ඇත.

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වෙත ලිපියක් යොමු කරමින් උන්වහන්සේ මෙම අදහස් දක්වා ඇති අතර, අධිකරණ තීන්දුවට හෝ එහි උත්තරීතරභාවයට කිසිදු විරෝධයක් නොමැති වුවද, බන්ධනාගාරය තුළදී ඥානසාර හිමියන්ගේ සිවුර ගැලවීම සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා පිළිබඳව සිය අවධානය යොමුව ඇති බව එහි සඳහන් කර තිබේ.

භික්ෂුවකට සිවුර පෙරවීම හෝ සිවුර ඉවත් කිරීම සම්බන්ධයෙන් පූර්ණ අයිතිය ඇත්තේ අදාළ භික්ෂුවට සහ උන්වහන්සේ අයත් මහා සංඝ සභාවට පමණක් බව ද අවධාරණය කර ඇති එම ලිපිය මඟින්, ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් නොකර, උන්වහන්සේට සිවුරෙන්ම පෙනී සිටීමට අවස්ථාව සලසා දෙන ලෙස ඉල්ලා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here