සිම්බාබ්වේ කාන්තා කණ්ඩායම සමඟ පැවැති දෙවන විස්සයි20 ක්රිකට් තරගය කඩුලු 8කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමත්විය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ ක්රීඩිකාවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 106ක් රැස්කළ අතර, පිළිතුරු ඉනිම ක්රීඩා කළ කොදෙව් කණ්ඩායම පන්දුවාර 9යි පන්දු 1ක් තුළ කඩුලු 2ක් පමණක් දැවී ජයග්රහණය වාර්තා කළේය.
දෙරට අතර පැවැති පළමු විස්සයි20 තරගය ද ජයග්රහණය කර තිබුණේ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමයි.

