ඥානසාර හිමියන්ට එරෙහි නඩුව ලබන 23 වැනිදා දක්වා කල් තැබේ

0
4

ඉස්ලාම් දහමට අපහාස කළේ යැයි චෝදනා ලබා සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහි නඩුව ලබන 23 වැනි දින යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

අද (06) දින මෙම නඩුකරය කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අතර, එහිදී වරෙන්තු මත අත්අඩංගුවට ගන්නා ලද ඥානසාර හිමියන්ව ගිහි ඇඳුමින් සැරසී බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා නඩුව යළි ලබන 23 වැනිදා කැඳවන ලෙස නියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here