ජෙනෙක්සට් යෞවන සමාජයේ 3 වැනි ඉෆ්තාර් උත්සව සැමරුම

0
83
NEWSNOW | – ජෙනෙක්ස්ට් යෞවන සමාජයේ තරුණ සාමාජිකයින් ඔවුන්ගේ 3 වන ඉෆ්තාර් උත්සවය සැමරීම පසුගිය අප්‍රේල් 01 වනදා මාලිගාවත්ත, මන්සිල් ශාලාවේදී පැවැත් වුණි. ප්‍රජාව තුළ එකමුතුකම ඇති කිරීම සඳහා සමාජය දක්වන නොසැලෙන කැපවීම මෙහිදී දැක ගැනීමට හැකි විය.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ ජාතික තරුණ සේවා සභාවේ සභාපති පසිඳු ගුණරත්න මහතා විසින් මෙම අවස්ථාවට ආලෝකයක් එක් කළේය. ප්‍රජා සහභාගීත්වයේ සහ සාමූහික සවිබල ගැන්වීමේ වැදගත්කම අවධාරණය කරමින් ඔහු පැවැත් වූ දේශනය කාලෝචිත එකක් විය.
මෙම අවස්ථාවට නාගරික තරුණ දිස්ත්‍රික්කයේ සහකාර අධ්‍යක්ෂ චන්න ගුණරත්න මහතා, තරුණ සේවා කාර්’යාලය නියෝජනය කරමින් ම්. නවුෂාඩ් මහතා දිස්ත්‍රික් තරුණ සේවා නිලධාරි සහ ගාමි අලංකාර යන මහත්වරු ද, සහකාර පොලිස් අධිකාරී මිනුර රශාන්ත මහතා, මාලිගාවත්ත මස්ජිඩ් සම්මේලනයේ සභාපති අෂ් ශෛක් ශියාම් අසාර් (හාෂිමි), සහ මාලිගාවත්ත පොලිස් ස්ථානාධිපති භාතිය ජයසිංහ මහතා , රස්මි රෆීක් මහතා සහ මොහොමඩ් මුෆ්ලිහ් යන මහත්වරුන් ඇතුළු ගෞරවනීය පුද්ගලයන් මෙන්ම උපදේශ කණ්ඩායම් නිලධාරීන් වශයෙන් සහභාගී වුහ. ඔවුන්ගේ පැමිණීම සමාජය සහ විවිධ ප්‍රජා පාර්’ශවකරුවන් අතර සහයෝගීතාවය ඉස්මතු කළේය. ඔවුන්ගේ සේවය අගයමින් යෞවන සමාජ කණ්ඩායම් විසින් එතුමාගේ සේවයන් අගය කොට සමරු තිළිණ කිහිපයක් ලබා දෙන ලදී.
එමෙන්ම මෙම වැඩසටහන සඳහා ,සියලු ආගමික පූජකවරුන්, තරුණ සේවා සභාව අධ්‍යක්ෂක මහත්වරු, කොළඹ ප්‍රාදේශිය ලේකම් කාර්’යාලය සහකාර අධ්‍යක්ෂක ක්‍රිෂාණි චතුරංගනී මහත්මිය, විශ්‍රාමික මේජර් ජෙනරල් තිලක් උභයවර්ධන මහතා, බුද්ධශාසන හා ආගමික කටයුතු සහ මත්ද්‍රව්‍ය නිවාරණ සම්බන්ධි කරන නිලධාරී නලින් රමේෂ් මහතා ,ග්‍රාම සේවා නිලධාරි වරුන්, දේශපාලන නියෝජිතයන්, සහ යෞවන සමාජය සහයෝගය ලබා දෙන මහත්ම මහත්මීන් මෙන්ම යෞවන සමාජ විධායක කමිටු හා සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් සාර්ථක සිදු කෙරුණි.
එමෙන්ම මෙම යෞවන සමාජය නියෝජනය කරමින් තරග වලට සහභාගීවී ඉහළ ප්‍රථිපල ගත් සාමාජිකයන් සදහාද ගරු සභාපති තුමන් විසින් සහතික පත් ලබා දී එම සාමාජිකයන් දිරිමත් කිරිමක් ද මෙහිදී සිදු කළේය.
උත්සවය අවසන් වන විට, ජෙනෙක්ස්ට් යෞවන සමාජය විසින් පිළිබිඹු කරන සමගිය සහ සහයෝගීතාව ප්‍රජාව අතර වර්’ධනය කරමින් අඛණ්ඩව පවත්වාගෙන යන බව පැහැදිලි විය.
මෙම සාර්’ථක රැස්වීම ජෙනෙක්ස්ට් යෞවන සමාජයේ සභාපති අබ්දුල් රහ්මාන් අසීම් තරුණයාගේ නායකත්වය යටතේ සිදු කරන ලද අතර, ඔහුගේ දැක්ම සහ කැපවීම සමාජය නව තලයකට ගෙන යාමට කටයුතු කරන බව ඔහුගේ කතාවෙන් සදහන් කළේය. ජෙනෙක්සට් යෞවන සාමාජිකයින්ගේ නොසැලෙන සහය ඇතිව, සමාජය තුළ ධනාත්මක වෙනස්කම් සහ බලගැන්වීමේ මෙහෙවර සඳහා ඔවුන් කැපවී සිටී.