ජාමියා නලීමියා උසස් අධ්‍යාපන ආයතනය මැලේසියාවේ සරසවියක් සමඟ ගිවිසුමකට එළඹෙයි

0
201
NEWSNOW| –  ජාමියා නලීමියා උසස් අධ්‍යාපන ආයතනය (NIIS) Universiti Sains Islam Malaysia – USIM- Islamic Science University of Malaysia සමඟ අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කරයි.

පසුගිය 25 වැනිදා මෙම ගිවිසුමට අත්සන් තැබුණි.
USIM වෙනුවෙන්, උපකුලපති මහාචාර්ය Datuk Sharibuddin Mat Sharani, උපකුලපති (අධ්‍යයන හා ජාත්‍යන්තර කටයුතු) මහාචාර්’ය මොහොමඩ් රාදි ඊබ්‍රාහිම් සහ ජාමියා නලීමියා වෙනුවෙන්, විශ්ව විද්‍යාලයේ කළමනාකරණ සහ පරිපාලන කවුන්සිලයේ සභාපති, අල්හාජ් මුහම්මද් නලීම් මුහම්මද් යාකුඩ්, විදුහල්පති උස්තාද් අෂ් ෂෙයික් අබ්දුල් කරීම් අගාර් මුහම්මද් යන මහත්වරු ද ඊට අත්සන් කළහ.

ආරම්භයේ සිටම ජාමියා නලීමියා විද්‍යාලය විෂයමාලා සංවර්ධනය, කථිකාචාර්යවරුන් හුවමාරු කර ගැනීම, සිසුන් හුවමාරු කිරීම ආදී විවිධ ජාත්‍යන්තර සබඳතාවලට සම්බන්ධ වී ඇත.
ඒ ආකාරයට මැලේසියාවේ ඉස්ලාමීය කලා විශ්වවිද්‍යාලය (USIM), ජාමියා නලීමියා උසස් අධ්‍යාපන ආයතනය සමඟ අත්සන් කරන ලද මෙම අවබෝධතා ගිවිසුමේ ප්‍රතිඵලයක් ලෙස කථිකාචාර්ය, ශිෂ්‍ය හුවමාරු, අන්‍යෝන්‍ය පර්යේෂණ ප්‍රයත්න, විෂයමාලා හා පෙළපොත් සම්බන්ධ වැඩමුළු වැනි ක්‍රියාකාරකම් අපේක්ෂා කෙරේ. සංවර්ධනය, ප්‍රකාශන, ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණ ආදිය ඉදිරියේදී ඒකාබද්ධව සිදු කිරීමට නියමිතය.

මෙම ඓතිහාසික අවස්ථාවට අධ්‍යාපන ආයතන දෙකම නියෝජනය කරමින් ඉහළ නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් ඇතුළු පිරිසක් සහභාගී වීම විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here