ජනාධිපතිවරයා යළි දිවයිනට

0
172

NEWSNOW | – එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්’යාස පිළිබඳ සමුළුවට සහභාගී වීමට ඩුබායි බලා ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ යළි දිවයිනට පැමිණ තිබේ.

ඒ ඊයේ (04) රාත්‍රීයේ බව ගුවන් තොටුපොළ කාර්’ය භාර නිලධාරීවරයා පැවසීය.

ඩුබායිහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්’යාස පිළිබඳ සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 30 වන දින පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.

මෙම සංචාරය තුළදී ජනාධිපතිවරයා දේශගුණික විපර්’යාස සමුළුව ඇමතූ අතර දේශගුණික යුක්ති සංසදයක් සඳහා වූ යෝජනාව ද ඉදිරිපත් කරනු ලැබීය.

දේශගුණික විපර්’යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාල ව්‍යාපෘතිය නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම සමුළුවේදී සිදුකළේය.

සමුළුවට සමගාමීව ජනාධිපතිවරයා රටවල් රැසක රාජ්‍ය නායකයින් සමග ද්වීපාර්’ශවික සාකච්ඡා පැවැත්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.