ජනපති පාර්’ලිමෙන්තුවේදී කළ විශේෂ කතාව

0
182

NEWSNOW | –  අද(13) පාර්’ලිමේන්තු සභාගර්භයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.

එහිදි ජනාධිපතිවරයා පැවසුවේ, රට නැවත ගොඩනැංවීමේ විස්තීර්’ණ ණය පහසුකමේ දෙවැනි වාරිකය අනුමත කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට නිල වශයෙන් දැනුම් දුන් බවය.

“මම අද සභාව අමතන්නේ ලොකු සතුටකින්. දැන් අපි බංකොළොත් රාජ්‍යයක් කියන ලේබලය ගලවා ගැනීමට තීරණාත්මක පියවර අරන් තියෙන බව ඔවුන් පිළිගන්නවා. ඒ ගමනේ සංධිස්ථානයකට අපි පැමිණ ඇති බව ඔවුන් පැවසුවා. මේ අභිමානවත් ගමනට නායකත්වය ලබාදීමට හැකිවීම ගැන මා තුළ ඇත්තේ නිහතමානි සතුටක්. මම ගිය අවුරුද්දේ භාරගත්තේ බංකොළොත් රටක්. කිසිදු නායකයෙක් මේ බංකොළොත් රට භාරගන්න ඉදිරිපත් වුණේ නෑ. මේ අභියෝගය භාරගන්න හැමෝම බය වුණා. දැන් පාර්ලිමේන්තුව අමතන වීරයෝ කිසිවෙක්ට ඉස්සරහට එන්න ධෛර්යක් තිබුණේ නෑ.. මම ඒ අභියෝගය භාරගත්තා…”