චීන ජනාධිපති ආර්යාව වන පෙං ලීයුවාන් මහත්මිය සහ අමෙරිකානු ජනාධිපති ආර්යාව වන මෙලනියා ට්‍රම්ප් මහත්මිය වොෂිංටන් නුවර පිහිටි ජාතික ආසියානු කලා කෞතුකාගාරයේ නිරීක්ෂණ සංචාරයකට එක්ව තිබේ.
චීන සංස්කෘතික නටබුන් රැසක් නැවත චීනය වෙත භාරදීමට අමෙරිකාව පියවර ගැනීම පිළිබඳව මෙහිදී සිය ප්‍රශංසාව පළ කළ පෙං ලීයුවාන් මහත්මිය, දෙරට අතර සංස්කෘතික සහයෝගීතාව සහ ශිෂ්ටාචාරමය උරුමයන් සුරැකීම තවදුරටත් ශක්තිමත් විය යුතු බව අවධාරණය කළාය.
කෞතුකාගාර නැරඹීමෙන් අනතුරුව අමෙරිකානු තරුණ ගායක කණ්ඩායමක් ඉදිරිපත් කළ චීන ගීත ප්‍රසංගයක් ද නැරඹූ චීන ජනපති ආර්යාව, දෙරටේ මිත්‍රත්වයේ දූතයන් ලෙස කටයුතු කරන ලෙස එහි සිටි දරුවන් දිරිමත් කළාය.

