ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් හැටන් රුවන්පුර ප්‍රදේශයේ ඉඩම් ලබාදෙන බව පවසා ජනතාවගෙන් මුදල් වංචා කිරීමේ සිද්ධියකට සම්බන්ධ හැටන් – දික්ඔය නගර සභාවේ ලංකා කම්කරු කොංග්‍රස් මන්ත්‍රී සුන්දරරාජ් ප්‍රභාකරන් මහතා හැටන් පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (24) අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වරද පිළිගත් අතර, වංචා කළ රුපියල් 6,35,000ක මුදල අද (25) දිනය තුළම අදාළ පාර්ශ්වයට ගෙවීමට එකඟ වීම නිසා රුපියල් 50,000ක ශරීර ඇප මත මුදාහැරිණි.
2022 වසරේ සිට ඉඩම් කොමිසමේ ක්ෂේත්‍ර නිලධාරියෙකු සමඟ එකතුව රුපියල් ලක්ෂ 6ත් 15ත් අතර මුදල් ප්‍රමාණයක් බැංකු ගිණුම් හරහා ලබාගනිමින් මොවුන් මෙම වංචාව සිදුකර ඇති අතර, සිද්ධියට සම්බන්ධ අදාළ ක්ෂේත්‍ර නිලධාරියා ද ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිතයි. නඩුව යළි ඔක්තෝබර් 22 වනදා කැඳවීමට නියෝග කර තිබේ.

