එළඹෙන දෙසැම්බර් මාසයේදී ඔස්ට්‍රේලියානු ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්දින තරග 3කින් සමන්විත තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (25) නිවේදනය කළේය.
2025-2029 ICC කාන්තා ශූරතාවලියට අයත් මෙම තරගාවලියේ සියලුම තරග දඹුල්ල රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
දෙසැම්බර් 10 වනදා දිවයිනට පැමිණෙන ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින තරගය දෙසැම්බර් 15 වනදාත්, දෙවන තරගය දෙසැම්බර් 18 වනදාත්, අවසන් එක්දින තරගය දෙසැම්බර් 20 වනදාත් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

