තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමක්

0
19

බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ විශේෂ අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

මෙම අනතුරු ඇඟවීම අද (25) රාත්‍රී 10.00 දක්වා බලපැවැත්වෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඉන්දියාවේ දකුණු ඔඩිෂා ප්‍රදේශය ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් පීඩන අවපාතයක් දක්වා දුර්වල වී ඇති අතර, ඉදිරි පැය 24 තුළ එය තවදුරටත් උතුරු-වයඹ දෙසට ගමන් කරමින් ක්‍රමයෙන් තවදුරටත් දුර්වල වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here