චීනය සහ උතුරු කොරියාව අතර නව යාලු ගංගා පාලම හෙට විවෘත වෙයි

0
8

චීනය සහ උතුරු කොරියාව අතර ඉදිකරන ලද නව යාලු ගංගා පාලම (New Yalu River Bridge) හෙට (15) දින වාහන ගමනාගමනය සඳහා නිල වශයෙන් විවෘත කිරීමට නියමිත බව චීනයේ රාජ්‍ය පුවත් ඒජන්සිය වන ෂින්හුවා වාර්තා කරයි.

දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා වර්ධනය කිරීමේ අරමුණින් චීනය විසින් මෙම පාලමේ ඉදිකිරීම් කටයුතු 2014 වසරේදීම සාර්ථකව නිම කර තිබිණි. කෙසේ වෙතත්, උතුරු කොරියාවේ අඛණ්ඩ න්‍යෂ්ටික අත්හදා බැලීම් හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පනවා තිබූ සම්බාධක දැඩි කිරීමට චීනය සහාය දැක්වීමත් සමඟ දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පළුදු විය.

ඒ හේතුවෙන් උතුරු කොරියාව සිය පාර්ශ්වයේ ඉදිකිරීම් කටයුතු වසර ගණනාවක් පුරා අතහැර දමා තිබූ බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here