පාසල් ක්රීඩක ක්රීඩිකාවන්ගේ දක්ෂතා ඔප්නංවමින් ක්රීඩා පුහුණුව වඩාත් විධිමත් කිරීමේ අරමුණින්, ගම්පහ දිස්ත්රික්කයේ තෝරාගත් පාසල් 47ක් සඳහා එක් පාසලකට රුපියල් ලක්ෂය බැගින් වටිනා ක්රීඩා භාණ්ඩ හා ව්යායාම උපකරණ කට්ටල බෙදාදීම ඊයේ (12) ගම්පහ දිස්ත්රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි.
මෙම අවස්ථාවට එක්වෙමින් ක්රීඩා නියෝජ්ය අමාත්ය සුගත් තිලකරත්න මහතා සඳහන් කළේ, මෙම උපකරණ කට්ටල මඟින් න්යායාත්මක දැනුම පදනම් කරගනිමින් දරුවන් පුහුණු කිරීමට අවශ්ය පහසුකම් පුහුණුකරුවන්ට සැලසෙන බවයි.
මෙම උපකරණ ක්රිකට් ක්රීඩාවට පමණක් සීමා නොවන අතර, ඕනෑම ක්රීඩාවක නිරත වන දරුවන්ගේ කුසලතා වර්ධනය කරගැනීමට ඒවා මහත්බුහුමනක් වනු ඇත. වර්තමාන රජයේ ක්රීඩා ප්රතිපත්තියට අනුව ක්රීඩා අමාත්යාංශය ක්රියාත්මක කරන මෙම වැඩසටහන යටතේ දිවයින පුරා පාසල් 500ක් සඳහා ක්රීඩා පුහුණු උපකරණ කට්ටල ලබාදීමට සැලසුම් කර තිබේ.
මෙම උත්සවය සඳහා ක්රීඩා නියෝජ්ය අමාත්ය සුගත් තිලකරත්න, ගම්පහ දිස්ත්රික් ලේකම් ලලින්ද ගමගේ, අතිරේක ලේකම් අසිරි වීරසේකර සහ ක්රීඩා අමාත්යාංශයේ සැලසුම් අධ්යක්ෂ ජනරාල් කෞමිණි රත්නායක යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්ය නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.

