ගාසාවේ සමූහ මිනීවලවල් හා සුන්බුන් වූ ගොඩනැගිලි මතින් යුද්ධයේ දින 200 පසු කරයි

0
110

NEWSNOW| – ඊශ්‍රායලය හමුදා සහ පලස්තීන සටන්කාමීන් අතර පවතින ගැටුම දින 200 පසු කරමින් සිටියි.

මේ වන විට සමූහ මිනීවළවල්, මුළුමනින්ම හෝ අර්ධ වශයෙන් විනාශ වුණු රෝහල් හා ගොඩනැගිලි ආදිය ගැටුමේ නටබුන් ලෙසින් දැකිය හැකිය.

ඊශ්‍රායලය සිය ම්ලේච්ඡ හමුදා ප්‍රහාරය දියත් කළේ හමාස් සටන්කාමීන් විසින් ඊශ්‍රායලයට එරෙහිව 2023 ඔක් 7 වන දින සිදු කළ මාරාන්තික ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර ලෙසිනි. එදින හමාස් නම් වන පලස්තීන සටන්කාමීන් විසින් දකුණු ඊශ්‍රාලයට කඩා වැදී 240 ක් ඊශ්‍රායල ජාතිකයන් ප්‍රාණ ඇපකරුවන් ලෙය ගත් අතර 1139 ක් ඝාතනය කළහ. එයට ඊශ්‍රායලය ප්‍රතිප්‍රහාර නිසා ගාසා තීරයේ මිලියන 2.3 ක ජනතාවගෙන් සියයට 85 කට ආසන්න ප්‍රමාණයක් අවතැන් වී සිටින අතර ළමුන් 14,000ක් ඇතුලුව 34,000 කටත් අධික පලස්තීනුවන් ඝාතණය වූහ. ඝාතණය වූවන්ගෙ 72%ක් ස්ත්‍රීන් ය. තව අසූ දහසක් පමණ තුවාල ලබා සිටිති. හත් දහසක් ගැන මේ වන විට තොරතුරක් නැත. මොවුන් බොහෝ විට බෝම්බ ප්‍රහාර වලින් සුනු විසුනු වූ ගොඩනැගිලිවල සුන්බුන් වලට යට වී මිය යන්නට ඇත යැයි අනුමාන කෙරේ.

මෙවන් තත්වයක රෆා පෙදෙසටද ප්‍රහාර එල්ල කරන්නට යන බව ඊශ්‍රායලය පවසන්නේ එක්සත් ජනපදය ඇතුලු ලෝක ප්‍රජාවගේ විරෝධතාවද නොසලකාය. ගාසාවෙහි දකුණ අන්තය වන රෆා පෙදෙසෙහි දැනට ලක්ෂ 15 ක් අවතැන වූ පලස්තීන වැසියන් රැඳී සිටිති.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් ප්‍රධානි වෝල්කර් ටර්ක්ට අනුව ගත වුනු මාස 7 ක පමණ කාලයක සිට ගාසාවෙහි සෑම මිනිත්තු දහයකටම එක් පලස්තීන වැසියෙක් තුවාල ලබා හෝ ඝාතණය වී ඇත. එක් ගණනයක් අනුව එක්සත් ජනපදය විසින් වසර 8 ක කාලයක් පුරා ඉරාකයේ හා සිරියාවේ ඝාතනය කළ සංඛ්‍යාවට වඩා වැඩි පිරිසක් ගාසාවෙහි ගත වුනු ඔත් 7 සිට මේ දක්වා ඝාතනය වී ඇත. ගාසාවෙහි ඊශ්‍රායලය සිදු කරන අපාරධ නිසි ලෙස මාධ්‍යවලට ලබා ගැනීමට නොහැකි නිසා ඝාතන තත්වය සමහරවිට ලොවට කවදාවත් දැන ගන්නට නොලැබෙනු ඇත. එජා විශේෂ වාර්තාකරු ෆැන්සෙස්කා ඇල්බේනි පවසන්නේ එජා සංවිධානයේ සතියක ලැයිස්තු ගත කර ඇති සමුළ ඝාතන අපරාධ පනෙන් තුනක්ම ඊශ්‍රායල හමුදා ගාසාවෙහි ගත වුනු මාස කිහියකට සිදු කර ඇති බවය. මෙයට අමතරව ගාසාවෙහි සිටින සිවිල් වැසියන් ලක්ෂ 11ක් සාගතයකින් මරන්නටද ඊශ්‍රායලය වෑයම් කරමින් සිටියි. එම අරමුණ ඉටු කර ගැනීමට ජාත්‍යන්තර සහත සේවකයින් මර දමන්නටද ඊශ්‍රායලය පසුබට නොවු සැටි ලොවම දුටුවේය. මැයි සහ ජුනි වන විට ගාසාවෙහි සාගත තත්වය අතිශය දරුණු වනු ඇත. ළදරුවන්ගේ මන්ද පෝෂණයේ සීමාව ඉක්මවනු ඇත. මේ දක්වා කුසගින්න නිසා ගාසාවේ ළමුන් 30 ක් මිය ගොස් ඇත. රෝග පැතිරීමද උත්සන්න වෙමින් පවතී.

තවද නිවාස 90,000 ක් වන ගාසාවෙහි මිනිස් වාසස්ථාන ලෙසින් තිබූ ගොඩනැගිලි වලින් 72% ක්ම ඊශ්‍රායලය විනාශ කර ඇත. මේ සඳහා ටොන් 75,000 ක් වෙඩි බෙහෙත් අඩංගු බෝම්බ දහස් ගණනින් ගාසාව මත ඊශ්‍රායලය හෙලා ඇත. මෙම ගොඩනැගැලිවල වටිනාකම ඩොලර් බිලියන 20 කට ආසන්නය.

ඊශ්‍රායල ප්‍රහාර නිසා පලස්තීනය සඳහා වන විශේෂ එජා සහන ආයතනය වන UNRWA හි කටයුතු බෙහෙවින්ම අඩාල වී ගොසිනි. මෙම ආයතනය වෙනුවෙන් සේවය කළ පලස්තීන ජාතික සහන සේවකයන් 200 ක් පමණ මේ දක්වා ඝාතනය වී ඇත. තවද සිතාමතාම රෝහල් වලට ඊශ්‍රායල හමුදා ප්‍රහාර එල්ල කිරීම නිසා දැනට ගාසාවේ තිබු රෝහල් 30 න් 23 ක්ම සම්පුර්ණයෙන්ම විනාශ වී ගොසිනි. දැනට අවම සේවාවක් ලබා දෙමින් සිටින්නේ රෝහල් දහයක් පමණි. මේ දක්වා සෞඛ්‍ය සේවා ලබා දෙන්නන් 350කට වඩා ඝාතනය වී 850කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා සිටිනා බව එ.ජා නියෝජිතයෙක් පැවසීය. ඔහු වැඩිදුටත් පැවසුවේ බෝම්බ ප්‍රහාර වලට අමතරව ආහාර පානා හා සෞඛ්‍ය සේවා වලට  හිතා මතාම බාධා පමුණුවමින් ඒ අන්තවලින්ද පලස්තීන වැසියන් හැකි පමණ මරා දමන්නට කුමන්ත්‍රණ කරමින් සිටින බවයි. ඊශ්‍රායල හමුදා ඉවත් වී ගිය පසු ඛාන් යූනිස් ප්‍රදේශයේ පිහිටි නොසර් රෝහල් සංකීර්ණයේ සමූහ මිනී වළක සිරුරු 300 ක් පමණ සොයා ගෙන ඇත. ඊශ්‍රායල හමුදා සති කිහිපයක් රැඳී සිටි අල් ෆා රෝහල් පරිශ්‍රයේ සමූහ මිනී වළකින්ද සිරුරු සිය ගණනාවකම සොයා ගෙන ඇත.

 

මෙවන් තත්වයක සටන් විරාමයක් සඳහා වන යෝජනා තුනක්ම එක්සත් ජනපදය සිය නිශේධණ බලය යොදා අවලංගු කර දැම්මේය. මාර්තු 25 පැවති එවන් තවත් යෝජනවා ඡන්ද විමසීමකදී ඡන්දය භාවිතා නොකර එක්සත් ජනපදය වැළකී සිටියේය. ලොව පුරා එක්සත් ජනපදයේ කුරිරු නිකල්පයට ලොව පුරා රටවලින් එල්ල වුණු දරුණු විවේචන නිසාය. රාමසාන් මාසය අරබයා ඉදිරිපත් වුනු එම යෝජනාව සම්මත වුවද ඊශ්‍රායලය එය නොසලකා සිය ප්‍රහාර නොකඩවා සිදු කළේ එ.ජා සංවිධානයේ තීරණවල වලංගුභාවය ප්‍රශ්නාර්තයකට ලක් කරමිනි.

නාම මාත්‍රික ලෙසින් එක්සත් ජනපදය ඊශ්‍රායලයට අවවාද කරන නමුත් එයට සමගාමීව බිලියන ගණන් වටිනා අවි ආයුධ ඊශ්‍රායලයට නොකඩවා පටවමින් සිටියි. පසුගිය සතියෙහි තවත් ඩොලර් බිලියන 26 ක අවිආයුධ ඊශ්‍රායලයට ලබා දීමට එක්සත් ජනපද රජය අවසර ලබා දී ඇත්තේ පලස්තීන වැසියන් වෙනුවෙන් කිඹුල් කඳුළු හලන අතරමය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here