ඛයිබර් පක්තුන්ක්වා හි හදිසි නීතියට එරෙහිව ඉම්රාන් ඛාන්ගේ පුතුගෙන් දැඩි විරෝධයක්

0
17

පාකිස්තානයේ PTI පක්ෂය බලය හොබවන ඛයිබර් පක්තුන්ක්වා ප්‍රාන්තයට මධ්‍යම රජය විසින් හදිසි නීතිය පැනවීමට එරෙහිව, එරට හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පුත් කාසිම් ඛාන් දැඩි විරෝධයක් මතුවී තිබේ.

පාකිස්තානය යනු හමුදාවට නොව එරට ජනතාවට අයිති රටක් බව අවධාරණය කර ඇති ඔහු, X සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් පෙන්වා දී ඇත්තේ මධ්‍යම රජයේ මෙම පියවර හමුදාපති අසිම් මුනීර්ගේ අසාර්ථක පාලන රටාව මනාව පෙන්නුම් කරන තවත් අවස්ථාවක් බවයි.

එමෙන්ම, පනවා ඇති හදිසි නීති රෙගුලාසි වහාම අහෝසි කරන ලෙසත්, ඛයිබර් පක්තුන්ක්වා ප්‍රාන්තයේ ප්‍රජාතන්ත්‍රවාදී ජනවරම යළි තහවුරු කරන ලෙසත් ඉල්ලා ඇති කාසිම් ඛාන්, දැනට අත්අඩංගුවේ පසුවන සියලුම දේශපාලන නායකයන් වහාම නිදහස් කරන ලෙසද බල කර සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here