පාකිස්තානයේ රාවල්පින්ඩිහිදී පැවැති තෙවන විස්සයි20 ක්රිකට් තරගයෙන් සත්කාරක පාකිස්තාන කණ්ඩායම කඩුලු 8කින් පරාජය කිරීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 168ක් රැස් කළ අතර, එහිදී නායක සහිබ්සාදා ෆර්හාන් ලකුණු 76ක් සහ අරාෆත් මින්හාස් නොදැවී ලකුණු 34ක් ලබා ගත්හ.
ශ්රී ලංකා පන්දු යැවීම අංශය වෙනුවෙන් දසුන් ශානක ලකුණු 21කට කඩුලු 3ක් දවාගත් අතර, නුවන් තුෂාර සහ එෂාන් මාලිංග කඩුලු 2 බැගින් බිඳහෙළූහ.
ජයග්රහණය සඳහා ලකුණු 169ක ඉලක්කයක් හඹා ගිය ශ්රී ලංකා කණ්ඩායම, පන්දුවාර 17යි පන්දු 1ක් තුළ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 172ක් ලබා ගනිමින් තරගය පහසුවෙන්ම ජයග්රහණය කළේය.
විශිෂ්ඨ ඉනිමක් ක්රීඩා කළ නායක කුසල් මෙන්ඩිස් පන්දු 48කදී හතරේ පහර 9ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 87ක් රැස් කළ අතර, කමින්දු මෙන්ඩිස් නොදැවී ලකුණු 40ක් සහ සිනෙත් ජයවර්ධන ලකුණු 38ක් ලබා ගනිමින් ජයග්රහණයට අනගි දායකත්වයක් ලබා දුන්හ.

