ජාත්යන්තර මට්ටමේ අතිනවීන වෛද්ය ප්රතිකාර පහසුකම් සපයමින්, ශ්රී ලංකාවේ පළමු පෞද්ගලික හෘද රෝග ප්රතිකාර රෝහල ලෙස “ශ්රීනි ධර්මදාස අනුස්මරණ හෘද රෝග නිවාරණ මධ්යස්ථානය” ඔක්තෝබර් 14 වන දින උදෑසන මීගමුව නවලෝක රෝහල් පරිශ්රයේදී නිල වශයෙන් විවෘත කෙරිණි.
මහල් තුනකින් සමන්විත මෙම අතිනවීන මධ්යස්ථානය විද්යා සහ තාක්ෂණ අමාත්ය මහාචාර්ය ක්රිශාන්ත අබේසේන මහතාගේ ප්රධානත්වයෙන් පෙරවරු 09.32 ට යෙදුණු සුභ මොහොතින් විවෘත කරනු ලැබීය.
ලෝකයේ දැනට සිදු කෙරෙන සංකීර්ණ හෘද රෝග ප්රතිකාර සඳහා කෘතිම බුද්ධිය (AI) සහ ලොව ඉහළම තාක්ෂණයෙන් යුතු වෛද්ය උපකරණ මෙහිදී භාවිත කෙරෙන අතර, විශේෂඥ වෛද්ය කණ්ඩායමකගේ සේවය ද මීට අනුයුක්ත කර ඇත. මෙම පූර්ණ පහසුකම් සහිත මධ්යස්ථානය ස්ථාපිත කිරීමත් සමඟ මීගමුව නවලෝක රෝහල අංගසම්පූර්ණ ප්රමුඛ පෙළේ වෛද්ය මධ්යස්ථානයක් බවට පත්ව තිබේ.
මෙම සමාරම්භක උත්සවය සඳහා මීගමුව පුරපති දුලිප් චාමර ප්රනාන්දු, විශේෂඥ වෛද්ය ලක්කුමාර ප්රනාන්දු, හෘද රෝග විශේෂඥ වෛද්ය වජිර සේනාරත්න යන මහත්වරුන් මෙන්ම නවීන වෛද්ය උපකරණ සැපයූ ඉන්දීය ජාතික වෛද්ය අශේෂ් කුමාර සහ මාලදිවයිනේ හෘද රෝග විශේෂඥ වෛද්ය අෂීස් අහමඩ් ඇතුළු විශේෂඥයින් සහ සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් සහභාගී වූහ.
(ටී.කේ.ජී. කපිල – කටුනායක)


