ඔක්තෝබර් මාසයට අදාළ ඉන්ධන මිල සංශෝධනය අද (30) රාත්‍රියේ ප්‍රකාශයට පත් කරන බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
ලෝක වෙළෙඳපොළේ මිල ගණන් ඉහළ යාම හමුවේ ඉන්ධන බෙදාහැරීමේ සමාගම් ඩීසල් ලීටරයකින් රුපියල් 120 සිට 247 දක්වා විවිධ මට්ටම්වල පාඩු ලබන බව දැනුම් දී ඇති නමුත්, මෙවර මිල සංශෝධනයේදී ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 70ක සහනාධාරයක් දීමට රජය තීරණය කර ඇත.
මෙම සහනාධාරය පෙට්‍රල් සඳහා හිමි නොවන අතර, එමඟින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැවැන්ත පිරිවැයක් දරමින් වසර අවසානයේදී පාඩු නොලබන මට්ටමින් කටයුතු කිරීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

