එයාර් බස් නඩුවේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නාමල් රාජපක්ෂට ඇප

0
12

එයාර් බස් ගනුදෙනුවට අදාළ මුදල් විශුද්ධිකරණ චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද නියෝග කළේය.

ඒ අනුව, රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 30 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදාහැරීමට නියම වූ අතර, සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමට ද අධිකරණය පියවර ගත්තේය.

මීට අමතරව, සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසටද නාමල් රාජපක්ෂ මහතා වෙත දැඩි ඇප කොන්දේසියක් පනවා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here