ඌව පළාතට මෙන්ම අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට යන දිස්ත්රික්ක සඳහා කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් ප්රබල අකුණු ඇතිවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
අද (29) පෙරවරු 11.30ට නිකුත් කර ඇති මෙම නිවේදනය අද රාත්රී 11.00 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව, අදාළ ප්රදේශවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකි බැවින්, අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

