ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක් දිවියෙන් සමු ගනියි

0
106

NEWSNOW | – වසර 30ක පමණ කාලයක් ඊජිප්තුවේ පාලනය හොබවූ හිටපු ජනාධිපති හොස්නි මුබාරක් මිය ගොස් තිබේ.

91 වන වියේ පසු වූ හිටපු ජනාධිපතිවරයා කයිරෝ නුවර රෝහලකප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඊජිප්තුවේ සිව් වන ජනාධිපතිවරයා ලෙස 1981 වසරේ සිට 2011වසර දක්වා ධුරයේ කටයුතු කළ හොස්නි මුබාරක් විරෝධතා හමුවේ හමුදාව විසින් බලයෙන් පහකෙරුණි.

රාජ්‍ය විරෝධි උද්ඝෝෂකයින් ඝාතනය කිරිම ඇතුළු චෝදනා මත පසුව බන්ධනාගාර ගත වූ හිටපු ජනාධිපතිවරයා 2017 වසරේදී නිදහස් කිරිමට ඊජිප්තු අධිකරණයක් විසින් නියෝග කර තිබුණි.