පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහළට

0
104

අද (23) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රු.10 කින් ඉහළ නැංවෙන බව බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

ඉන්ධන මිල ඉහළ යාමත් සමග මෙම පියවර ගෙන ඇති අතර ඒ අනුව ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 130ක් දක්වා ඉහළ නංවන බව එම සංගමය සඳහන් කළේය.

එමෙන්ම අනෙකුත් සියලු බේකරි නිෂ්පාදන මිල ගණන්ද අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10කින් මිල ඉහළ නැංවීමටද බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.