ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම පිළිබඳ දැනුම්දීම

0
9

ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (26) දිනයේ ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන්, එම ජලාශයේ වාන් දොරටු තුනක් ඊයේ පස්වරුවේ සිට විවෘත කර ඇති බව ජලාශභාර ඉංජිනේරුවෝ පවසති.

අදාළ ජල පෝෂක ප්‍රදේශවලට ඉදිරියටත් වැසි ලැබුණහොත් ජලාශයේ ඉතිරි වාන් දොරටු ද ස්වයංක්‍රීයව විවෘත වීමට ඉඩ ඇත.

එබැවින්, ජලාශ වේල්ලට පහළින් කොත්මලා ඔයේ දෙපස පදිංචිකරුවන් මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් හා සැලකිලිමත්ව සිටින ලෙස ජලාශභාර ඉංජිනේරුවන් වැඩිදුරටත් ඉල්ල සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here