ඉම්රාන් ඛාන්ට සහ බුෂ්රා බීබීට හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බවට නීතිඥයින්ගෙන් අනතුරු ඇඟවීමක්

0
14

පාකිස්තාන ටී.පී.අයි. (PTI) පක්ෂයේ නිර්මාතෘ සහ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෙත කඩිනමින් නිසි වෛද්‍ය ප්‍රතිකාර නොලැබුණහොත් ඔහුට බරපතළ සෞඛ්‍ය අවදානමක් මතුවිය හැකි බවට ඔහුගේ නීතිඥයින් අනතුරු අඟවා ඇත.

ඉම්රාන් ඛාන්ගේ මොළයට රුධිර වහනයක් සිදුවීමේ හෝ හෘදයාබාධයකට ලක්වීමේ දැඩි අවදානමක් පවතින බව ඔහුගේ ප්‍රධාන නීතිඥ සල්මාන් සෆ්දාර් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අධිකරණයෙන් පිටතදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නීතිඥවරයා පවසා ඇත්තේ, තමන් මෑතකදී බන්ධනාගාරය වෙත ගොස් ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳ වන බුෂ්රා බීබී හමුවී ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කළ බවයි.

එහිදී සැකකරුවන් දෙදෙනාම වහාම රෝහල්ගත කරන ලෙසත්, ඔවුන් පරීක්ෂා කිරීම සඳහා ස්වාධීන වෛද්‍ය මණ්ඩලයක් පත් කරන ලෙසත් තමන් අධිකරණයෙන් ඉල්ලා සිටි බවද ඔහු සඳහන් කර තිබේ.

මේ අතර, බුෂ්රා බීබීගේ පෙනීම ක්‍රමයෙන් දුර්වල වෙමින් පැවතීම සම්බන්ධයෙන් ද නීතිඥවරයා දැඩි කනස්සල්ල පළ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here