රුවන්වැලි සෑය අසල සත්‍යග්‍රහ භූමියේ නොසන්සුන්තාවක්

0
24

අනුරාධපුර රුවන්වැලි මහා සෑය අභියස පවත්වාගෙන යන සත්‍යග්‍රහ භූමියේ හදිසි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.

එහි මාරාන්තික උපවාසයක නිරතව සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස සහ ශාසනයෙන් නෙරපන ලද බවට පැවසෙන රාජාංගනයේ සද්ධාරතන නැමැත්තා ඇතුළු ගිහි පිරිසක් අතර එහිදී දැඩි බහින්බස් වීමක් හටගෙන ඇත.

එම අවස්ථාවේදී ඇති වූ උණුසුම් මුහුණුවරත් සමඟ, උපවාස භූමියේ සිටි පිරිස විසින් එල්ල කරන ලද පොලු ප්‍රහාරයකින් රාජාංගනයේ සද්ධාරතන නැමැත්තාගේ හිස පැළී රුධිර වහනයක් සිදුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here