ආරුගම්බේ වෙරළ තීරය ආසියාවේ අංක එකේ වෙරළ තීරය ලෙස නම් කෙරේ

0
15

කොන්ඩේනාස්ට් ට්‍රැවලර් රීඩර්ස් (Condé Nast Traveler Readers’ Choice Awards) ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන ලද 2026 වර්ෂය සඳහා වන නවතම සමීක්ෂණ වාර්තාවට අනුව, ශ්‍රී ලංකාවේ ආරුගම්බේ වෙරළ තීරය ආසියාවේ ආකර්ෂණීයම සහ හොඳම වෙරළ තීරය ලෙස ප්‍රථම ස්ථානය දිනා තිබේ.

ලෝකප්‍රකට සර්ෆින් ක්‍රීඩා ගමනාන්තයක් වීම මෙම ඇගයීමට ප්‍රධාන වශයෙන්ම බලපා ඇති අතර, සංචාරකයන් අතර එය ඉතා ඉහළ ජනප්‍රියත්වයක් ලබා ඇත. මෙම සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාවේ තවත් වෙරළ තීරයන් කිහිපයක්ම ආසියාවේ විශිෂ්ටතම වෙරළ තීරයන් 20 අතරට නිර්දේශ වීම විශේෂත්වයකි.

ඒ අනුව, බෙන්තොට වෙරළ තීරය 9 වන ස්ථානයටත්, තංගල්ල වෙරළ තීරය 14 වන ස්ථානයටත් මීගමුව වෙරළ තීරය 19 වන ස්ථානයටත් පත්ව මෙරට සංචාරක ක්ෂේත්‍රයට ඉමහත් කීර්තියක් ගෙන දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here