අවුරුද්දෙන් පසුව පාර්ලිමේන්තුව හෙට රැස්වේ

0
34

NEWSNOW| –  සිංහල – දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව පළමු වරට හෙට (24) දිනයේ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයක් හෙට, අනිද්දා සහ සිකුරාදා යන දිනවල පැවැත්වීමට නියමිත බවයි.

ඊට අමතරව හෙට දිනයේ දී අපරාධ නඩු විධාන සංග්‍රසය සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම සහ විෂ වර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ ආඥා පනත යටතේ නියෝග විවාදයට ගැනීමට නියමිතයි.

මේ අතර අලුත් අවුරුද්දෙන් අනතුරුව හෙට (24) දිනයේ දී කැබිනට් මණ්ඩලය ද රැස්වීමට නියමිතව තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් රැස්වන කැබිනට් මණ්ඩලය සඳහා අධිකරණ අමාත්‍යංශය විසින් නව කැබිනට් පත්‍රිකා දෙකක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

අපරාධ ක්‍රියාමගින් උපයා ගත් දේපල රාජසන්තක කිරීම සඳහා නීති සකස් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව සහ ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාව එලෙස ඉදිරිපත් කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here