අධිවේගී මාර්ගවල සියලු ආසන සඳහා ආසන පටි අනිවාර්ය කෙරේ

0
2

අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලුම රථවාහනවල සෑම ආසනයකම ගමන් ගන්නා මගීන් සඳහා ආරක්ෂිත ආසන පටි පැළඳීම සඳහා ලබා දී තිබූ සහන කාලය අවසන් වීමත් සමඟ ඊයේ (18) මධ්‍යම රාත්‍රියේ සිට එය අනිවාර්ය කර තිබේ.

මෙම නීතිය අදියර තුනක් යටතේ ක්‍රියාත්මක වූ අතර, එහි පළමු අදියර යටතේ පසුගිය වසරේ ජූනි පළමු වැනිදා සිට සියලුම බස්රථ රියැදුරන්ට ආසන පටි අනිවාර්ය කළ අතර, දෙවැනි අදියර යටතේ අධිවේගී මාර්ගවල ධාවනය වන සැහැල්ලු වාහනවල පිටුපස ආසනවල ගමන් කරන මගීන්ට ද ආසන පටි පැළඳීම අනිවාර්ය කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here