මෙරට ඩෙංගු මරණ 75 දක්වා ඉහළට

0
7

වසරේ මේ දක්වා කාලය තුළ මෙරට සිදු වූ ඩෙංගු මරණ සංඛ්‍යාව 75 දක්වා ඉහළ ගොස් ඇති අතර, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්තවලට අනුව මේ වන විට වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 98,616කි.

සමස්ත රෝගීන්ගෙන් 52.62%ක්ම බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර, දකුණු පළාතෙන් ද රෝගීන් 14,209දෙනෙකු වාර්තා වී තිබේ.

දිස්ත්‍රික් මට්ටමින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් (20,917) වාර්තා වන අතර කොළඹින් රෝගීන් 19,435ක් සහ මහනුවරින් 7,410ක් ලෙස සටහන් වේ.

වසරේ වැඩිම රෝගීන් සංඛ්‍යාව ජූලි මාසයේදී (29,964) වාර්තා වී ඇති අතර ජූනි මාසයේදී 21,533ක්, අගෝස්තු මාසයේදී 10,155ක් සහ සැප්තැම්බර් මාසයේ මේ දක්වා රෝගීන් 3,125ක් හඳුනාගෙන තිබේ.

දැනට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 34ක් අධි අවදානම් කලාප ලෙස පැවතීම හේතුවෙන් මදුරුවන් බෝවන ස්ථාන වහාම විනාශ කර පරිසරය පිරිසිදුව තබා ගැනීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here