අකුණු අනතුරු මගින් පකිස්තානයේ පුද්ගලයින් 39 දෙනෙකු මරුට

0
76

NEWSNOW | – අධික වර්ෂාපතනය සහ අකුණු අනතුරු මගින් පකිස්තායේ පුද්ගලයින් 39 දෙනෙකු මියගොස් ඇති බව විදසේ මාධ්‍ය වාර්තා කරයි.

මියගිය පිරිස අතර වැඩි දෙනෙක් ගොවීහු වෙති.

ඔවුන් අස්වනු නෙළීමේ නිරතව සිටියදී අකුණු අනතුරුවලට ලක්වී ඇති බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ගොවි බිම් රැසක් ද ජලයෙන් යටවී ඇත.

එමෙන්ම විදුලිබල සැපයුම සහ ප්‍රවාහන සේවා ද අඩාල වී ඇති බව වාර්තා වෙයි.

2022 වසරේදී පාකිස්තානයට බලපෑ ගංවතුර තත්ත්වය හේතුවෙන් ඇති වු අනතුරු මගින් පුද්ගලයින් 1700කට අධික පිරිසක් මියගොස් තවත් දහසකට අධික පිරිසක් තුවාල ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here