මරණ දඬුවම නියම වී සිටි අනෝජන් සිවරාසාගේ දඬුවම ඉවත් කරන්න දායක වූ සියලු දෙනාටම ස්තුතිවන්ත වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි

0
23

සෞදි අරාබියේ රැකියාවක නිරතව සිටි ඉංජිනේරු අනෝජන් සිවරාසාට එරට අධිකරණය විසින් පනවා තිබූ මරණ දඬුවම අහෝසි කිරීමට සෞදි අරාබි රජය ගත් තීරණය සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස සතුටු වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සිවරාසාගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීම වෙනුවෙන් කැපවී ක්‍රියා කළ ෆයිසර් මුස්තාෆා සහ උපුල් කුමරප්පෙරුම යන මහත්වරුන් ප්‍රමුඛ නීතිඥ මණ්ඩලයටත්, ශ්‍රී ලංකාවේ සෞදි තානාපතිවරයා ඇතුළු සියලු දෙනාටත් විපක්ෂ නායකවරයා මෙහිදී සිය ගෞරවය හා ස්තූතිය පුද කර ඇත.

තවද, මෙම සිද්ධියේදී තමා ඇතුළු පිරිසද කළ හැකි උපරිම දායකත්වය ලබා දුන් බවත්, ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හැකිවීම අතිශය සතුටට කරුණක් බවත් සඳහන් කළ ඔහු, සෞදි අරාබි ශ්‍රේෂ්ඨාධිකරණයට සහ එරට රජතුමාටද සිය කෘතඥතාව පළ කර සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here