අල්ලස් ලබා ගැනීමේ සිද්ධියකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක සහ ඔහුගේ පෞද්ගලික ලේකම් යන සැකකරුවන් දෙදෙනා ලේකම්වරයා ඇතුළු පිරිස නොවැම්බර් මස 6 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබේ.
අදාළ නඩුවට අදාළව සැකකරුවන් වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් ප්රතික්ෂේප කරනු ලැබීය.
අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ දැක්වූ කරුණු පුළුල් ලෙස සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

