දිවයිනට බලපා තිබූ අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ දැදුරුඔය, කලා ඔය සහ නිල්වලා ගඟ ආශ්රිතව මීට පෙර නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉවත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
අදාළ ගංගා ද්රෝණිවල ජල මට්ටම් මේ වන විට සාමාන්ය තත්ත්වයට පත්වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කෙසේ වෙතත්, දිවයින පුරා පවතින වර්ෂාපතන ස්වභාවය මත ගංගාවල ජල මට්ටම්වල සිදුවිය හැකි ඕනෑම වෙනස්වීමක් පිළිබඳව එම දෙපාර්තමේන්තුවේ ජල විද්යා හා ආපදා කළමනාකරණ අංශය නිරන්තර විමසිල්ලෙන් පසුවන බවද දන්වා සිටී.
ඉදිරියේදී යම් හෙයකින් ගංවතුර අවදානමක් මතුවුවහොත්, ඒ පිළිබඳව මහජනතාවට කඩිනමින් පූර්ව දැනුම්දීම් සිදු කිරීමට අවශ්ය සියලු විධිවිධාන සූදානම් කර ඇති බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

