ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට සම්බන්ධ ‘ගම්පහ ඔස්මන්’ ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

0
5

රකට පාතාල සාමාජිකයෙකු වන ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආධාර අනුබල දුන් බවට සැකකෙරෙන ‘ගම්පහ ඔස්මන්’ නමැත්තා ලබන 13 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (09) නියෝග කළේය.

කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) මඟින් දින 180ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කරනු ලැබූ මෙම සැකකරු, එම රැඳවුම් නියෝග කාලය අවසන් වීමෙන් අනතුරුව අද දින මෙලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බව පෙන්වා දුන් පොලිසිය, ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය. කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අතර, ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂයෙන් අවධානය යොමු කරන ලෙස බන්ධනාගාර අධිකාරීවරයාටද දැනුම් දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here