යාපනයේ මණ්ඩතිව් ප්‍රදේශයේ ඉදිකිරීම් කටයුතු සිදුවෙමින් පවතින නව ක්‍රිකට් ක්‍රීඩාංගණයේ වැඩකටයුතු ලබන සතියේ සිට යළි ආරම්භ කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. ඒ සඳහා අවශ්‍ය සියලුම අනුමැතීන් සහ සහතික මේ වන විට ලබාගෙන ඇති අතර, ඉදිරි ඉදිකිරීම් සඳහා වන කොන්ත්‍රාත් ප්‍රදාන ක්රියාවලියද සම්පූර්ණ කර අවසන්ය.
මෙම ව්‍යාපෘතියේ වත්මන් තත්ත්වය සහ ඉදිකිරීම් ප්‍රගතිය සොයා බැලීම සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ඊයේ (08) අදාළ ක්‍රීඩාංගණ භූමියේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එහිදී, වැසි කාලවලදී ක්‍රීඩාංගණ භූමිය ජලයෙන් යටවන බවට ඇතැම් පාර්ශ්ව විසින් පල කර තිබූ ප්‍රචාරයන් අමාත්‍යවරයාගේ සෘජු නිරීක්ෂණයට ලක් වූ අතර, එම චෝදනාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව එහිදී පැහැදිලි විය.
සියලු පරිපාලනමය කටයුතු සහ අනුමැතීන් සාර්ථකව අවසන් කර ඇති බැවින්, ඉදිකිරීම් යළි ආරම්භ වීමත් සමඟ යාපනයේ මෙන්ම සමස්ත උතුරු පළාතේ ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනයට සහ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට මෙය මහත් ප්රබෝධයක් වනු ඇති බව ක්‍රීඩා අමාත්‍යාංශය විශ්වාසය පළ කරයි.

