කැලණිය සහ ගම්පහ ප්‍රදේශ රැසකට සෙනසුරාදා (14) පැය 13 1/2ක ජල කප්පාදුවක්

0
8

බියගම ජල පවිත්‍රාගාරයට විදුලිය සපයන පද්ධතියේ සිදුකෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්, ලබන සෙනසුරාදා (14) දින කැලණිය සහ ගම්පහ ප්‍රදේශ රැසකට පැය 13යි විනාඩි 30ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පියවර ගෙන තිබේ. ඒ අනුව, එදින පෙරවරු 8.30 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ අදාළ ප්‍රදේශවලට ජල සැපයුම සම්පූර්ණයෙන්ම ඇනහිටිනු ඇත.

මෙම ජල කප්පාදුව හේතුවෙන් පැළියගොඩ, වත්තල – මාබෝල, ජාඇල සහ කටුනායක – සීදූව යන නගර සභා බල ප්‍රදේශවලට මෙන්ම කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ සහ ජාඇල යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල පාරිභෝගිකයින්ට ද ජල සැපයුම් බාධාකිරීම්වලට මුහුණ දීමට සිදුවනු ඇත. ඊට අමතරව, කටාන, මිනුවන්ගොඩ සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල යම් කොටස්වලට ද මෙම ජල ඇනහිටීම බලපානු ඇත.

මෙම ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාව පිළිබඳව ජලසම්පාදන මණ්ඩලය සිය කණගාටුව පළ කර සිටියි. එබැවින්, ජල කප්පාදුව ආරම්භ වීමට පෙර ප්‍රමාණවත් පරිදි ජලය රැස්කර තබා ගන්නා ලෙසත්, එම කාලය තුළ ජලය අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන ලෙසත් ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here