එළැඹෙන වසර සඳහා ඉදිරිපත් කරන ලද අයවැය තුළින් වාහන ආනයනය සඳහා කිසිදු සහනයක් ලබා දී නොමැති බැවින්, ඉදිරියේදී වාහන මිල ගණන්වල කිසිදු අඩුවීමක් සිදු නොවනු ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ උප සභාපති අරෝෂ රොද්‍රිගූ මහතා සඳහන් කළේ, ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ නව අයවැයෙන් තම සංගමය වාහන ආනයනය සම්බන්ධයෙන් යම්කිසි සහනයක් දැඩි ලෙස අපේක්ෂා කළ බවයි. කෙසේ වෙතත්, බලාපොරොත්තු වූ පරිදි කිසිදු බදු සහනයක් හෝ සහනයක් හිමිවී නොමැති බව ඔහු පෙන්වා දුන්නේය.
වාහන ආනයනය සඳහා සහනයක් ලබා නොදීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් සිය සංගමය විසින් මුදල් අමාත්‍යාංශයෙන් විශේෂ විමසීමක් සිදු කළ බව අරෝෂ රොද්‍රිගු මහතා ප්‍රකාශ කළේය. එහිදී අමාත්‍යාංශය පෙන්වා දී ඇත්තේ මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය සහ රට තුළ පවතින ඩොලර් සංචිතය පිළිබඳ තත්ත්වය මෙහිදී මූලික වශයෙන් සැලකිල්ලට ගත් බවයි.
ඒ අනුව, මෙතෙක් වාහන සඳහා පනවා තිබූ අධිභාර සහ බදු ක්‍රමවේදයන් කිසිදු වෙනසකින් තොරව ඉදිරියටත් ක්‍රියාත්මක වන බැවින්, වාහන වෙළඳපොළේ මිල ගණන්වල කිසිදු අඩුවීමක් අපේක්ෂා කළ නොහැකි බව ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

