හෝමුස් සමුද්‍ර සන්ධිය “ට්‍රම්ප් සමුද්‍ර සන්ධිය” ලෙස නම් කිරීමට ට්‍රම්ප්ගෙන් යෝජනාවක්

0
12

ඉරානය සමඟ පවතින උණුසුම් තත්ත්වය හමුවේ, ලෝකයේ ප්‍රධානතම වෙළඳ ජල මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය “ට්‍රම්ප් සමුද්‍ර සන්ධිය” (Trump Strait) ලෙස නම් කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනා කර තිබේ.

මාස හයක කාලයක් තිස්සේ ඉරානය විසින් වසා දමා තිබූ මෙම සමුද්‍ර සන්ධිය මත අමෙරිකානු බලය තහවුරු කිරීමෙන් අනතුරුව, සිය Truth Social ගිණුම ඔස්සේ අදහස් දක්වමින් ඔහු සටහන් කර ඇත්තේ “දැන් එය අපගේ පාලනය යටතේ පවතින බැවින්, හෝමුස් සමුද්‍ර සන්ධිය ‘ට්‍රම්ප් සමුද්‍ර සන්ධිය’ ලෙස වෙනස් කළ යුතුද?” යන්නයි.

ලබන නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත මධ්‍යකාලීන මැතිවරණය හමුවේ, ඉරාන යුද්ධය හේතුවෙන් ඉහළ ගොස් ඇති තෙල් මිල කෙරෙහි පවතින ජනතා අවධානය වෙනතකට යොමු කිරීම සඳහා ජනාධිපතිවරයා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය විශ්ලේෂණය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here