අධිකරණ ප්‍රමාද නිසා පාකිස්ථාන බන්ධනාගාරවල දැඩි තදබදයක්

0
5

අධිකරණ තීන්දු ප්‍රමාද වීම හේතුවෙන් පාකිස්ථානයේ බන්ධනාගාර තුළ පවතින ධාරිතාව ඉක්මවා යමින් දැඩි තදබදයක් නිර්මාණය වී තිබේ. 64,000ක උපරිම ධාරිතාවකින් යුත් එරට බන්ධනාගාර පද්ධතිය තුළ මේ වන විට 110,000කට ආසන්න රැඳවියන් පිරිසක් රඳවා සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම අර්බුදය වැඩි වශයෙන්ම වාර්තා වන්නේ පන්ජාබ් ප්‍රාන්තයෙන් වන අතර, 38,000ක ධාරිතාවකින් යුත් එරට බන්ධනාගාර 45 තුළ රැඳවියන් 70,000ක් පසුවෙති. ඉන් 16,000ක් හැරුණු විට ඉතිරි බහුතරය නඩු විභාග වෙමින් පවතින සැකකරුවන් වේ.

මීට අමතරව, සින්ද් ප්‍රාන්තයේ 14,000ක ධාරිතාවට එරෙහිව 25,000ක්ද (වරදකරුවන් 4,000යි), කයිබර් පක්තුන්ක්වා ප්‍රාන්තයේ බන්ධනාගාරවල රැඳවියන් 11,382ක්ද (වරදකරුවන් 2,000යි) රඳවා සිටිති.

මේ අනුව පන්ජාබ්, සින්ද් සහ කයිබර් පක්තුන්ක්වා ප්‍රාන්තවල බන්ධනාගාර ජනගහනයෙන් වැඩිම පිරිසක් නියෝජනය කරන්නේ නඩු විභාග අවසන් නොවූ සැකකරුවන් වන අතර, අධිකරණ ක්‍රියාවලියේ පවතින ප්‍රමාදය මෙම අර්බුදය තවදුරටත් උග්‍ර කිරීමට හේතු වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here