හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල එක් පැමිණිල්ලකින් ඇප මත මුදාහැරෙයි

0
2

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා එක් පැමිණිල්ලකට අදාළව ඇප මත මුදාහැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අල්ලස් කොමිසම සහ සැකකාර හිටපු අමාත්‍යවරයාගේ නීතීඥවරුන් විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය ලබාදී ඇත.

මේ අතර, ඔහුට එරෙහිව පවතින තවත් නඩුවකට අදාළ කරුණු දැක්වීම මේ වන විටත් අධිකරණය හමුවේ සිදුකෙරෙමින් පවතින බව සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here