බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත වියළි කාලගුණ තත්ත්වයක් පවතිනු ඇත.
මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලටත් උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලටත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයටත් විටින් විට පැයට කිලෝමීටර් 30-40 දක්වා වන තරමක තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතී.

