පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් රෝහල්ගත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

0
1

බන්ධනාගාරගත කර සිටින පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ඇතිව තිබෙන කංසාවන් හමුවේ, ඔහුව අඩියාලා බන්ධනාගාරයේ සිට ඉස්ලාමාබාද්හි ෂිෆා ඉන්ටර්නැෂනල් රෝහල වෙත වහාම මාරු කරන ලෙස පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය බලධාරීන්ට නියෝග කර තිබේ.

අඟහරුවාදා දින මෙම නියෝගය ලබාදෙමින් අධිකරණය සඳහන් කළේ, දැඩි ආරක්ෂක විධිවිධාන යටතේ හිටපු අග්‍රාමාත්‍යවරයාව රෝහල්ගත කර ඊළඟ නඩු වාරය තෙක් එහි තබන ලෙසත්, ඔහුගේ සම්පූර්ණ වෛද්‍ය වාර්තා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසත්ය. එසේම රෝහල අවට ප්‍රදේශයේ සාමය හා ආරක්ෂාව තහවුරු කිරීමට ද උපදෙස් දී ඇත.

73 හැවිරිදි ඉම්රාන් ඛාන්ගේ ඇසේ පැවැති ආබාධය ප්‍රතිකාරවලින් පසු යථා තත්ත්වයට පත්ව ඇති බව බන්ධනාගාර බලධාරීන් පවසා තිබුණ ද, ඔහුගේ අධි රුධිර පීඩනය ඇතුළු සෞඛ්‍ය ගැටලු පෙන්වා දෙමින් සහ පෞද්ගලික වෛද්‍යවරුන්ගේ පරීක්ෂාවන් ඉල්ලමින් ඔහුගේ ‘පාකිස්තාන තෙහ්රීක්-ඊ-ඉන්සාෆ්’ (PTI) පක්ෂය ඔහුව රෝහල්ගත කරන ලෙස දිගින් දිගටම ඉල්ලා සිටියේය.

2018 සිට 2022 දක්වා අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ ඉම්රාන් ඛාන්, විශ්වාසභංග යෝජනාවකින් ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු 2023 වසරේ සිට බන්ධනාගාරගතව පසුවන්නේ චෝදනා රැසකට අදාළ නීතිමය ක්‍රියාමාර්ගවලට මුහුණ දෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here