ලෝක ප්‍රවෘත්ති දිනය සහ තොරතුරු දැනගැනීමේ දිනය අදයි

0
9

ලෝක ප්‍රවෘත්ති දිනය සහ ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ දිනය අදට (28) යෙදී ඇති අතර, ඒ වෙනුවෙන් සංවිධානය කළ විශේෂ සැමරුම් උත්සවයක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද කොළඹදී පැවැත්විණි.

සත්‍ය තොරතුරු මත පදනම් වූ මාධ්‍යවේදයේ (Fact-based journalism) වැදගත්කම අවධාරණය කරමින් කැනේඩියානු ජනමාධ්‍ය පදනම සහ ලෝක කර්තෘවරුන්ගේ සංසදය එකතුව 2018 වසරේදී ආරම්භ කළ ලෝක ප්‍රවෘත්ති දිනයේ මෙවර තේමාව වන්නේ “කරුණු දැනගැනීම, ඒවායේ අදාළත්වය වටහා ගැනීම සහ විශ්වාසනීය ජනමාධ්‍යයක් තෝරාගැනීම” යන්නයි.

විශ්වාසදායක මාධ්‍ය කලාවක් ප්‍රවර්ධනය කිරීම, මාධ්‍ය සාක්ෂරතාව වර්ධනය කිරීම සහ මාධ්‍යවේදීන් දිරිමත් කිරීම මෙම ගෝලීය සැමරුමේ ප්‍රධාන අරමුණු වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here