විරාට් කෝලි ලකුණු 15,000 සීමාව පසුකරමින් අලුත් කළ ඓතිහාසික වාර්තාව

0
3

තිරුවානන්තපුරම් හි ග්‍රීන්ෆීල්ඩ් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් පිල කඩුලු 8කින් පරාජය කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් පිල ලබාදුන් ලකුණු 296ක ඉලක්කය, පන්දුවාර 41.4කදී කඩුලු 2ක් පමණක් දැවී පසුවූ ඉන්දියාව තරගයේ ජය තහවුරු කරගත්තේය.

නොදැවී ලකුණු 139ක් (හතරේ පහර 10යි, හයේ පහර 9යි) රැස් කළ විරාට් කෝලි සහ ලකුණු 110ක් ලබාගත් නායක ශුබ්මන් ගිල් ඉන්දීය ජයග්‍රහණය පහසු කළ අතර, මෙම ඉනිම අතරතුර විරාට් කෝලි එක්දින පිටියේ වේගවත්ම ලකුණු 15,000 සීමාව පසුකළ ක්‍රීඩකයා බවට පත්වෙමින් සිය 55 වැනි එක්දින ශතකය ද වාර්තා කළේය.

කොදෙව් ඉනිම වෙනුවෙන් ජස්ටින් ග්‍රීව්ස් ශතකයක් ද, පන්දු යැවීමේදී කුල්දීප් යාදව් කඩුලු 4ක් ද දවාගත් අතර මෙම ජයග්‍රහණයත් සමඟ තරග 3කින් යුත් තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ඉන්දියාව සමත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here