මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මීරිගම කොටසේ ඉදිකිරීම් ප්‍රගතිය 53% ඉක්මවයි

0
9

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස ක්‍රියාත්මක කිලෝමීටර 37කින් යුත් කඩවත – මීරිගම කොටසේ ඉදිකිරීම් කටයුතුවලින් 53%කට වඩා වැඩි ප්‍රමාණයක් මේ වන විට අවසන් කර ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය පවසයි.

ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පසුගියදා (07) ව්‍යාපෘති පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් එහි ඉදිකිරීම් ප්‍රගතිය පරීක්ෂා කර තිබේ.

ව්‍යාපෘති ඉංජිනේරුවන්ට අනුව, 2028 වසර වන විට මෙම කොටසේ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට සැලසුම් කර ඇත. එමෙන්ම, මෙකී ඉදිකිරීම් ප්‍රගතිය මෙම වසර අවසන් වන විට 65% දක්වාත්, 2027 වසර අවසන් වන විට 95% දක්වාත් ඉහළ නැංවීමට ඉලක්ක කර තිබේ.

පසුගිය රජය සමයේ අතරමඟ නතර වී තිබූ මෙම ව්‍යාපෘතිය, වත්මන් රජය යටතේ දේශීය අරමුදල් යොදවා ගනිමින් නියමිත සැලසුම්වලට අනුව කඩිනමින් අවසන් කිරීමට පියවර ගෙන ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය, කොළඹ පිටත වටරවුම් මාර්ගය සහ දක්ෂිණ අධිවේගී මාර්ගය සම්බන්ධ වන කඩවත පද්ධති හුවමාරුවේ (KSI) ඉදිකිරීම් කටයුතු ද නියෝජ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ නිරීක්ෂණයට ලක් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here