පාස්කු ප්‍රහාර නඩුව: රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බුද්ධි නිලධාරීන් දෙදෙනා යළිත් රිමාන්ඩ්

0
15

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාළ විමර්ශන සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස් බුද්ධි නිලධාරීන් දෙදෙනා ලබන 21 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (07) නියෝග කර තිබේ.

මෙම නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරුණු අතර, වව්නතිව් යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ පළමු සැකකරු වන යාසිම් බාවා ජෙගිල්පාස් සහ දෙවැනි සැකකරු වන සරත් සමන්ත යන බුද්ධි නිලධාරීන් මෙලෙස බන්ධනාගාරයේ සිට සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර ඇත.

මෙම නඩුවේ තෙවැනි සැකකරු ලෙස රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු ප්‍රධානී සුරේෂ් සලේ නම් කර ඇති අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අධිකරණයට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් පෙනී සිටියේය.

පාස්කු ප්‍රහාරයට පෙර තීරණාත්මක තොරතුරු ලැබීම සහ ඒවා ඉහළ නිලධාරීන්ට වාර්තා කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සැකකරුවන් ලබා දී ඇති ප්‍රකාශ හා සාක්ෂි මේ වන විට විශ්ලේෂණය කරමින් පවතින බව CID එක සඳහන් කළේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් දෙදෙනා ඔක්තෝබර් 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here