ලොව ප්‍රකට මාධ්‍ය හා විනෝදාස්වාද සමාගම් දෙකක් වන Paramount සහ Warner Bros Discovery ඩොලර් බිලියන 81ක දැවැන්ත වටිනාකමකින් යුත් අත්පත් කර ගැනීමක් සාර්ථක කරගෙන තිබේ. මෙම ගනුදෙනුවත් සමඟ Mission: Impossible සහ Top Gun: Maverick වැනි සිනමා විශිෂ්ට කෘති නිර්මාණය කළ Paramount සමාගම මෙන්ම Harry Potter, Barbie, The Dark Knight, CNN පුවත් සේවය සහ HBO Max හි අයිතිය හිමි Warner Bros Discovery එකම වහලක් යටට පත්වන අතර, මෙය අමෙරිකානු මාධ්‍ය ඉතිහාසයේ සිදුවූ විශාලතම ඒකාබද්ධ කිරීමක් ලෙස සැළකේ.
නව සමාගම් සමූහය Skydance ලෙස නම් කර ඇති අතර, එහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ඩේවිඩ් ඇලිසන් (David Ellison) කටයුතු කරන අතර දෛනික මෙහෙයුම් කටයුතු සඳහා මැටෙල් (Mattel) සමාගමේ හිටපු ප්‍රධානී ඉනොන් ක්‍රීස් (Ynon Kreiz) සම-ප්‍රධාන විධායක ලෙස පත් කර ඇත. ඉදිරි වසර කිහිපය තුළ ඩොලර් බිලියන 6ක වියදම් කප්පාදු කිරීමට සහ Paramount+ සමඟ HBO Max සේවා ඒකාබද්ධ කිරීමට අපේක්ෂිතය. එසේම, පළමු වසර දෙක තුළ වසරකට අවම වශයෙන් චිත්‍රපට 30ක් ද, අනතුරුව වසර තුන තුළ එය 32ක් දක්වා ඉහළ නැංවීමටත් සැලසුම් කර තිබේ.
කෙසේ වෙතත්, අමෙරිකානු ප්‍රාන්ත කිහිපයක් සහ හොලිවුඩ් ලේඛක සංගමය සමඟ එකඟතා ඇති කර ගැනීමට සිදුවූ මෙම ගනුදෙනුව හමුවේ, අමෙරිකාවේ රැකියා අවස්ථා සහ ප්‍රේක්ෂක තේරීම් අඩුවිය හැකි බවට කලාකරුවන් විරෝධය පළ කර තිබිණි. තවද, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විවේචන හමුවේ CNN හි කර්තෘ මණ්ඩල ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට විශේෂ මණ්ඩලයක් පිහිටුවීමට Skydance එකඟ වී ඇති අතර, ප්‍රධාන කර්තෘ මාර්ක් තොම්සන් (Mark Thompson) දිගටම සිය ධුරයේ කටයුතු කරනු ඇත.

