සෞදි අරාබියේදී මරණ දඬුවමට ලක්ව සිටින සිවරාසා අනෝජන් නැමැත්තාට එරෙහි දඬුවම ඉවත් කර ගැනීම අරමුණු කරගනිමින්, විශේෂ සාකච්ඡා මාලාවක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කීර්තිමත් නීතිඥ සහ නිලධාරී කණ්ඩායමක් එක්ව තිබේ.
මෙම දූත මණ්ඩලය සඳහා ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා සහ අතිරේක සොලිසිටර් ජනරාල් අසාද් නවාවි යන මහත්වරුන් ප්‍රමුඛ පෙළේ දායකත්වයක් ලබා දී ඇත.
ඊට අමතරව, ජෙඩාහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් විනිසුරු එම්.ටී. මොහොමඩ්, නීතිඥ ෆාරිස් ෆසාල් අබ්දුල් හෆීල් මොහොමඩ් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපාගේ සම්බන්ධීකරණ ලේකම් මොහොමඩ් රියාස්ඩීන් සිල්මි යන මහත්වරුද මෙම සාකච්ඡා සඳහා සහභාගී වී සිටිති.

